
A Meritorious Offering
මහා ආරාම පූජාව
A Permanent Home for Our Temple
පින්වත් ඔබ සැමගෙන් මේ දක්වා ලද බැතිබර දායකත්වය උදෙසා, පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පිරිනමමු.
With grateful hearts, we share the merit of every devotee whose offerings have carried our temple this far toward a permanent home of its own.
ස්තුතිය · A letter of thanks
පින්වත් ඔබ සැමට පුණ්‍යානුමෝදනා
To our devotees - with thanks
නෝත්ෂෝ ථේරවාද බෞද්ධ විහාරස්ථානය පවත්වාගෙන යාමට ස්ථිර නිවසක් මිලදී ගැනීම සඳහා පින්වත් ඔබ සැමගෙන් ලද බැතිබර දායකත්වය උදෙසා, පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පිරිනමමු.
To every devout one whose devotional contributions have supported our work toward acquiring a permanent home for the Northshore Theravada Buddhist Temple - we offer heartfelt thanks, and share with you in the merit (puṇya-anumodanā) of this offering.
මීට වසර දහයකටත් වඩා ඉහතදී ඉතා කුඩා පිරිසකගේ මූලිකත්වයෙන් ආරම්භ කරන්නට යෙදුණු මෙම විහාරස්ථානය, විවිධ බාධක හා අභියෝග මැද්දේ ඒ සියල්ල පරදා නැගී සිටිමින් අද දක්වා ලබා ඇති දියුණුව පිළිබඳ අප සැමට බෙහෙවින් ආඩම්බර විය හැකි ය.
More than ten years ago a small group of devotees planted the seed of this temple. Through obstacles, setbacks, and rising again, we have come a long way - and there is much to be quietly proud of today.
Read the full letter ▾Hide letter ▴· සම්පූර්ණ පත්‍රිකාව
ආරම්භයේ සිටම ස්ථිර නිවහනක් මිලදීගැනීමේ අරමුණ පෙරදැරිව කටයුතු කරන්නට යෙදුණු අතර මේ දක්වා ඒ වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරමින් වෙහෙස මහන්සවී කටයුතු කළ නෝත්ෂෝ ථේරවාද බෞද්ධ භාරකාරත්වයේ තනතුරු දැරූ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්, කමිටු සාමාජික මහත්ම මහත්මීන්, ඇතුලු නන් අයුරින් සහයෝගය දැක්වූ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරමින් ගව්රවයෙන් සිහිපත් කරමු.
From the very beginning, with the goal of acquiring a permanent home held front-and-centre, every officer who has served on the Northshore Theravada Buddhist Trust, every committee member, and everyone who has supported in other ways - all of you, through years of sacrifice and hard work - we remember today with honour and share in the merit (puṇyānumodanā) of your offering.
කාර්ය බහුල ජීවිත ගෙවන අප සැමට මානසික සහනය හා ආගමික මග පෙන්වීම් ලබාගත හැකි, සිල්වත් ගුණවත් නැණවත් ස්වාමීන්වහන්සේලා දෙනමක් අප විහාරස්ථානයේ වැඩ වාසය කරති. දුර රටකදී වුවද අපේ සිත් පහන්වන ආකාරයෙන් ආගමික වතාවත් ඉටු කරගැනීමට ලැබීම භාග්‍යයක්ම නොවේද?
Two virtuous and learned monks live with us, offering counsel and Dhamma to people leading busy lives. Even in this distant land, we have the rare blessing of practising as our hearts long for.
විහාරාධිපති තල්පත්වැවේ සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි, මාසික සීල භාවනා වැඩසටහන, ධර්ම දේශනා, විශේෂ භාවනා වැඩසටහන්, ධර්ම සාකච්ඡා සහ වාර්ෂික කඨින චීවර පූජාව ඇතුළු වතාවත් නිරන්තරයෙන් සිදු වෙයි. නේපාලයේ ඛේම ස්වාමීන්වහන්සේගේ මගපෙන්වීම යටතේ ඉතා කැපවීමෙන් කටයුතු කරන ගුරු මණ්ඩලයක් සහ සිසුන් විශාල පිරිසක් දහම් ඉගෙනුම ලබන දහම් පාසලද, විහාරස්ථානයේ සුවිශේෂ සමාජ මෙහෙවරයකි.
Under the guidance of our Chief Incumbent, Most Ven. Talpathwawe Saddhatissa Thero, the temple holds a monthly Sil Bhāvanā programme, Dhamma talks, special meditation retreats, Dhamma discussions, and the annual Katina Cīvara Pooja. Under the guidance of Most Ven. Khema Thero in Nepal, a devoted teaching team and a large group of students keep the Dhamma School alive as one of the temple's most cherished social services.
ඔබගේ දරුවන් තවමත් දහම් පාසලට සම්බන්ධ වී නොමැති නම්, අදම ඔවුන්ව දහම් පාසල වෙත යොමු කරන ලෙස ද සිහිපත් කරමු.
If your children are not yet enrolled in the Dhamma School, we warmly remind you to bring them along - there is a place for them today.
වර්තමානය වන විට අප විහාරස්ථානය නෝත්ෂෝ ප්‍රදේශයට පමණක් සීමා නොවී, වෙනත් ප්‍රදේශවල ජීවත්වන ලාංකික ජනතාවට ද ඔවුන්ගේ ආගමික වතාවත් සහ පුද පූජා කටයුතු වෙනුවෙන් උදව් උපකාර කරනු ලබයි.
Today our service is no longer limited to the Northshore area - Sri Lankan families in other parts of the city also come to us for their religious observances and offerings.
ස්ථිර නිවසක් නොතිබූ බැවින් අවස්ථා කිහිපයකදීම විහාරස්ථානය තාවකාලික නවාතැන්පොළවලට රැගෙන යාමට සිදු විය. තැනින් තැනට යාම ආගමික කටයුතු කෙරෙහි මෙන්ම විහාරස්ථානයේ දියුණුව කෙරෙහිද බාධාවක් වී ඇත. ඊට අමතරව, විශාල නිවාස කුලී මුදලක්ද දැරීමට සිදුව තිබේ.
Without a permanent home, our temple has had to move several times over the years. Each move disrupts our practice and our community - and the rent paid out is a steady drain that builds nothing for the future.
දැනට ගෙවන නිවාස කුලියට සමීපව හෝ සමපාතව ණය මුදල පියවාගත හැකි, විහාරස්ථානයේ අවශ්‍යතාවලට ඉතා උචිත පරිසරයක් සහිත නිවසක් මිලදී ගැනීමට අප සැලසුම් කරමින් සිටිමු.
Our plan is to buy a home whose monthly loan repayment falls close to - or below - the rent we already pay, while giving the temple a setting that genuinely fits its needs.
විහාරස්ථානය ඉදිරියට පවත්වාගෙන යාමට ඔබ ලබාදෙන මාසික දායකත්වය (Direct Debit) ඉතාමත් වැදගත් වේ. මුදල විශාල හෝ කුඩා වුවද, ඔබේ දායකත්වය විහාරස්ථානයේ උන්නතියට අතිමහත් සහයෝගයකි. තවමත් සම්බන්ධ වී නොමැති අයවලුන්ට ද ශාසනික හදින් යුතුව ආරාධනා කරමු.
A regular monthly contribution - set up as a Direct Debit from your bank - is what carries the temple forward, month after month. Large or small, every standing offering is a profound support. To those who have not yet joined, we extend a heartfelt invitation.
නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය බැංකු ණයක් සඳහා අනුමැතිය අපට ලැබී ඇත. එහි වලංගු කාලසීමාව සති අටකි. එනිසා අවශ්‍ය සියලු කටයුතු ඉක්මනින් කරගැනීමට අවශ්‍ය නමුත් ලැබී ඇති ආධාර මුදල් නෝත්ෂෝ ථේරවාද බෞද්ධ භාරකාරත්වය විසින් පරිහරණය කරනු ලබන්නේ ඉතාමත් වගකීමෙන් සහ ප්‍රවේසම් සහගතව බව අවධාරණයෙන් කියා සිටිමු.
The bank has approved a loan toward our permanent home. That approval is valid for eight weeks. While we must move all the necessary work forward quickly, we emphasise that every contribution received is being stewarded by the Northshore Theravada Buddhist Trust with the utmost responsibility and care.
අපගේ අරමුණු සරල යි - දේපල මිලට ගැනීමට අවශ්‍ය මුදල පමණයි. භික්ෂුව සරල ජීවිතයක් ගත කරති. කරුණාකර ඔබේ පවුලේ දෛනික අවශ්‍යතා අපහසු කරගනිමින් පූජා කරන්න එපා - ඔබට පහසු මුදලකින්ම සරණ වන්න. විහාරස්ථානයට පැමිණීම ද, වැඩසටහන් වලට සහාය වීම ද, මෙය වෙනත් අයට දැනුම් දීම ද පින් කර්මයන් ම ය.
Our intentions are modest. Every dollar goes toward the property and the basics of running it - the monks live simply, and there are no plans for extravagance. Please never strain your own household to give. Offer from a place of ease - the merit is the same. Coming to the temple, helping with our programmes, and sharing this page with others are themselves meritorious acts.
සො ච සබ්බදදො හොති,
යො දදාති උපස්සයංසංයුත්ත නිකාය · කිංදද සූත්‍රය
යම් පින්වතෙක් ආරාම පූජාව උදෙසා දන් දෙන්නේ ද, ඔහු සියල්ල දන් දුන් අයෙක් වන්නේ ය.
“Whoever offers a dwelling - gives everything.”
නෝත්ෂෝ ථේරවාද බෞද්ධ විහාරස්ථානය - මේ අපේ පින් බිමයි. අපි සැම එක්ව එය ගොඩනගමු. සැදැහැති දායකත්වය ලබාදුන්, ලබාදෙන පින්බර ඔබ සැමට, සසර කෙළවර කරගැනීමට ධර්මාවබෝධය පිණිසම මේ කුසල් පාරමිතාවක්ම වේවායි ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි!
The Northshore Theravada Buddhist Temple is our merit field. May we build it together. May the offerings each of you have made - and continue to make - become a perfection of merit on the path to the end of saṃsāra and the realisation of Dhamma. May the Triple Gem be your refuge.
- නෝත්ෂෝ ථේරවාද බෞද්ධ විහාරස්ථානයේ භාරකාරත්ව මණ්ඩලය · The Trustees, Northshore Theravada Buddhist Temple
ප්‍රගතිය · Where we are
$310,620 of $360,000
$49,380 ක් තවත් අවශ්‍යයි · just $49,380 more to reach our full $1.2M deposit
With what we hold right now, we can already secure a property at this price.
Closing the gap unlocks the flexibility to choose a place with enough land to build proper temple structures.
$360,000 deposit + $840,000 bank mortgage = $1,200,000 property ceiling
ඉදිකිරීම් අරමුදලට දායක වූවෝ · Building Fund supporters
ඉදිකිරීම් අරමුදලට දායක වූවෝ
Devotees who directly funded the Building Fund
The names below are devotees who have made a one-off offering toward our Building Fund. Many more support us with regular weekly, fortnightly, and monthly donations - every offering, large or small, carries the same merit. May this dāna bring you long life, good health, and peace of mind.
227 devotees have offered support227 දායකයන් මේ වන විට සහාය වී ඇත
ආකාර තුනක් · Three ways
ඔබට උදව් කළ හැකි ආකාර
Three ways devotees can support
Every devotee can contribute in the way that feels right for them - by adding to the deposit, by sustaining the temple with a regular donation, or by helping us find the right property. Tap any to read more.
Give only what your household can spare. The smallest offering, made with a glad heart, carries the same merit as the largest.
1.තැන්පතුවට දායක වන්න
Help us build the deposit
මූලික තැන්පතුවට දායක වීමෙන් අපට වඩාත් සුදුසු ස්ථානයක් තේරීමට හැකි වේ.
1.තැන්පතුවට දායක වන්න
Help us build the deposit
මූලික තැන්පතුවට දායක වීමෙන් අපට වඩාත් සුදුසු ස්ථානයක් තේරීමට හැකි වේ.
A bigger deposit means we can choose a more suitable place with enough land. Claim a pre-priced offering tier below, or enter a custom one-off amount on the next page.
2.නඩත්තු කිරීමට දායක වන්න
Sustain the temple with a regular donation
සතිපතා ඩොලර් 5ක් වුවද නිතර දායකත්වයෙන් අපගේ විහාරස්ථානය නඩත්තු කිරීමට හැකි වේ.
2.නඩත්තු කිරීමට දායක වන්න
Sustain the temple with a regular donation
සතිපතා ඩොලර් 5ක් වුවද නිතර දායකත්වයෙන් අපගේ විහාරස්ථානය නඩත්තු කිරීමට හැකි වේ.
Even $5 a week goes a long way. Recurring donations help us cover the ongoing costs of running the temple once we have it - power, water, upkeep, and dāna for the resident monk.
You set up the automatic payment yourself, in your own banking app - we just give you the amount, frequency, and reference. Cancel anytime.
3.තැනක් සොයන්න උදව්වන්න
Help us find a place
අපට සුදුසු ස්ථානයක් සොයා ගැනීමට ඔබට උදව් කළ හැකි ද?
3.තැනක් සොයන්න උදව්වන්න
Help us find a place
අපට සුදුසු ස්ථානයක් සොයා ගැනීමට ඔබට උදව් කළ හැකි ද?
You see properties we don't. If you come across a place that fits the criteria below - or know someone selling - please get in touch.
What we're looking forඅපට අවශ්‍ය වන්නේ
- Located on the North Shore, close to our current devotee communityඅපගේ භක්තික ප්‍රජාවට ආසන්න - නෝත්ෂෝ ප්‍රදේශයේ
- Minimum 3–4 bedroomsඅවම වශයෙන් කාමර 3–4 ක්
- Minimum 2 bathroomsඅවම වශයෙන් නාන කාමර 2 ක්
- Double garage with a clear, accessible drivewayද්විත්ව ගරාජයක් සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි මාර්ගයක්
- Onsite parking for at least 4 vehicles; additional street parking preferredඅවම වශයෙන් වාහන 4 ක් සඳහා ස්ථානයේම නැවතුම් පහසුකම් - මාර්ගයේ අමතර නැවතුම් ද ඇතිවීම යෝග්‍යය
- Section of 600 m² or moreඉඩකඩ 600 m² හෝ ඊට වැඩි
- Within our reach: under $1.2M (existing deposit + bank loan)අපගේ ආර්ථික සීමාව තුළ: ඩොලර් මිලියන 1.2 ට අඩු (දැනට ඇති තැන්පතුව + බැංකු ණය)
Properties we're looking atඅප සලකා බලන දේපල - 5
- TradeMe listing· Unsworth Heightsconsidering
Under consideration - view the full listing on TradeMe.
තවදුරටත් සලකා බැලීමේ පවතී - සම්පූර්ණ විස්තර TradeMe හි.
View listing → - TradeMe listing· Birkdaleconsidering
Under consideration - view the full listing on TradeMe.
තවදුරටත් සලකා බැලීමේ පවතී - සම්පූර්ණ විස්තර TradeMe හි.
View listing → - TradeMe listing· Northcrossconsidering
Under consideration - view the full listing on TradeMe.
තවදුරටත් සලකා බැලීමේ පවතී - සම්පූර්ණ විස්තර TradeMe හි.
View listing → - TradeMe listing· Bayviewconsidering
Under consideration - view the full listing on TradeMe.
තවදුරටත් සලකා බැලීමේ පවතී - සම්පූර්ණ විස්තර TradeMe හි.
View listing → - TradeMe listing· Glenfieldconsidering
Under consideration - view the full listing on TradeMe.
තවදුරටත් සලකා බැලීමේ පවතී - සම්පූර්ණ විස්තර TradeMe හි.
View listing →
ස්ථානයක් දැක්කොත්, අපගේ වට්ස්ඇප් කණ්ඩායමට යොමු කරන්න
Join the temple WhatsApp group and message us about properties you spot.
තවත් කරුණු
More about the campaign
Bank account
- Account name
- Northshore Theravada Buddhist Temple (NTBT)
- Bank
- Kiwibank
- Account
- 38-9019-0634821-00
- Reference
- After you pledge, we'll show you a unique reference like BF0123 (one-off) or RD0123 (regular). Use that exact reference so we can match your transfer.
What if I can't give right now?
Please don't strain your household to give. Your continued presence at temple programmes, helping at events, sharing this page with family - all of these are themselves meritorious acts. The temple is for you whether you can give now or not.
පවුලේ දෛනික අවශ්‍යතා වලට අපහසු කරගෙන පූජා නොකරන්න. විහාරස්ථානයට පැමිණීම ද, වැඩසටහන් වලට සහාය වීම ද, මෙය වෙනත් අයට දැනුම් දීම ද පින් කර්මයන් ම ය.
Can I cancel a recurring pledge?
Yes - open your profile→ Donations, and cancel anytime. For bank-set automatic payments you'll also need to stop the schedule in your own banking app.
What if we don't reach the goal?
Funds remain in the temple property account. We keep searching for a suitable place and continue to grow the deposit.
Will I get a tax receipt?
Yes - NZ donors can generate an IR526 donation receipt from your donation receipts page, covering both card payments and bank transfers. Bank transfers take a couple of days to appear (the treasurer imports the bank statement and reconciles before they show up) - card payments reflect immediately. For pre-April-2025 donations, or anything that doesn't show up after a week, email ntbttreasurer@gmail.com.
තෙරුවන් සරණයි
ඔබට උදව් කළ හැකි ආකාරSee how to help